ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක සහ යුද්ධ හමුදාධිපති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් මහතා පසුගිය සඳුදා (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා හමුවිය.
යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවති මෙම සුහද හමුවේදී, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් වන යුද්ධ හමුදාවන් සතු කාර්යභාරයන් සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැණුනු අතර දෙරටෙහි හමුදාවන් අතර පවතින ශක්තිමත් සහ ඓතිහාසික සබඳතාවයන් පිළිබඳව සිහිපත් කරගනිමින් එම සබඳතාවයන් තවදුරටත් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද කරුණු අවධාරණය කෙරිණි.
සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

