13ට පක්ෂයි – නිදහස් සභාවේ බහුතරයට විරුද්ධයි
13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තමන් පක්ෂ බව ආණ්ඩුව හැරදා විපක්ෂයට එක්ව සිටින නිදහස සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි.
තමන් ඇතුළු විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම මීට වෙනස් මතයක් දැරුවද තම මතය එය බවද ඔහු පැවසීය.
ඉන්දියාවේ ජාතීන් විශාල ප්‍රමාණයක් එක්ක තබාගෙන දියුණුවට යාමේ රහස ඉන්දියානු මොඩලය බලය බෙදාහැරීම බවද පැවසූ ඔහු ශ්‍රී ලංකාවේ ද ඒ ආකාරයෙන් දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කර දෙමළ ජනතාව සමග එක්ව රට දියුණු කළ හැකි සංවාදයක් ආරම්භ කළ යුතු බවද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමිනි.
කෙසේ වෙතත් නිදහස සභාව නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ පවසන්නේ 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීමට විරෝධය පල කරන බවත් ජනාධිපතිවරයාට ඒ සදහා ජන වරමක් නැති බවත්ය.
Please follow and like us: