Latestදේශීය

කාත්තන්කුඩි ළමා ඝාතනයක්

කාත්තන්කුඩි ප්‍රදේශයේදී අමානුෂික ප්‍රහාරයකට ලක්ව, මඩකලපුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා ඊයේ (09) දහවල් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කරයි.

11 හැවිරිදි වියේ පසුවූ මෙම කුඩා පිරිමි දරුවා තම මවගේ දෙවන විවාහයේ පුරුෂයාගේ පහර කෑමට ලක්ව ඇති බවට පොලීසිය සැක පළ කරයි. මාතලේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන පසුවන මෙම සැකකාර සුළු පියා , එදිනම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ඊයේ (9) දින සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී නියෝග කර ඇත්තේ සැකකරු එළඹෙන 14 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසටය.

සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *