Latestදේශීය

පුංචි ඡන්දයට අපේක්ෂකයින් 80,672 ක්

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන  අපේක්ෂකයින් සංඛ්‍යාව නිල වශයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 80,672 කි.එම අපේක්ෂකයින් දේශපාලන පක්ෂ 58 කින් සහ ස්වාධීන කණ්ඩායම් 329 කින් ඉදිරිපත් වි තිබෙනවා.

මේ අතර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (11) දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවීමට නියමිත බව වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *