මැතිවරණ කොමසාරිස්වරුන් කොමිසම හමුවට
සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට අද(11) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවීමක් කර ඇත.
මැතිවරණයේ වත්මන් ප්‍රගතිය ඇතුළු කරුණු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කැඳවා ඇති බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසන්නේ.
ඡන්ද මධ්‍යස්ථාන ගැටලු , ග්‍රාම නිලධාරින්ගේ කාර්යභාරය සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කිරීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.
එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මිලියන 770 ක මුදලක් ඉල්ලා ඇති අතර මේ වනවිට ඉන් රුපියල් මිලියන 100 ක මුදලක් ලබාදී තිබෙන බවයි.
වරින්වර හෝ භාණ්ඩාගාරය එම මුදල් කොමිසම වෙත ලබා දෙනු ඇතැයි ඔහු විශ්වාස කරන බවයි නිමල් පුංචිහේවා මහතා පවසන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

