ඉන්දියාව දුන් සහයෝගය අගය කරනවා: ජනපති
ඉන්දියානු ආධාර යටතේ ඉදිවූ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීම අද(11) , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී සිදුවුණා.
එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ යාපනයේදී සාහිත්‍ය උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවයි.,
75 වන නිදහස් සැමරුම යාපනයේද සැමරීමට තීරණය කළ බවද එම වැඩසටහන මේ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
මෙය අපිට ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබාදුන්න තෑග්ගක්. අපේ ආර්ථික අර්බුදයේදී ණය උගුලෙන් ගැලවෙන්න ඉන්දියාව දුන් සහයෝගයත් අපි අගය කරනවා. අපේ රටවල් දෙක එක කාසියක දෙපැත්ත වගේ.”
“අපි දැන් අලුත් ගමනක් යන්න ඕනේ. එකතු වෙලා යන්න ඕනේ. එකතු වෙන්න නම් සංස්කෘතිය වැදගත්. අපි අලුත් කලාවක් ඇති කරලා තියෙනවා. ඒක ඉදිරියට ගෙනියන්න ඕනේ.”
“ගාලු සාහිත්‍ය උළෙල වගේ යාපනයේ සාහිත්‍ය උළෙලකුත් අපි සංවිධානය කරනවා.”
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

