Latestදේශීයමතවාද

සිරකාරිත්වය අල්ලා සිටීම

(කුසල් කුරුවිට)

සුජිත්ගේ ප්‍රදර්ශනයේ ඇති සිරකුටිය සහ ඒ සමග සෙල්ෆි ගැනීමට සැලැස්සවීම සමකාලීන ජීවිතයේ පැතිකඩක් පෙන්වනවා. ඒක කලාව හරහා අපූරුවට මේ මොහොත අල්ලා ගැනීමක්. ෆුකෝ කියන්නෙ දාර්ශිනකයා යනු (ඡායාරූපයමය ලෙස) මේ මොහොත අල්ලා ගන්න කියා ය. දර්ශනය වියලි පැවැත්ම ගැන සාකච්ඡා කරමින් සිටින අතර කලාකරුවෙකු මේ මොහොත අල්ලා ගැනීමට තැත් කිරීම සැබැවින් ම අගය කළ යුතු යමකි. ඒ නිරාමණයෙන් අපට පෙන්වන්නේ (මං දැක්කෙ බොහො දෙනෙක් රාජ්‍යයේ ඍජු දැඩි මර්ධනය සංකේතවත් කරන්නක් බව) අද නවලිබරල්වාදයේ මෘදු බලය හැසිරවීමයි. සමාජ මාධ්‍ය, ස්මාර්ට් ෆොන් එක, ඒ හා බැදුණු අල්ගොරිදම් එක, මේ සියල්ලේ අප සිරකාරයෙක් වී සිටින අයුරුයි. අද අප මේ මොහොත ඡායාරූපමය ලෙස අල්ලා ගැනීම වෙනුවට කරමින් සිටින්නේ අපේ ම ස්වරූපරාගයේ සිරකරුවන් වීම ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *