හර්ෂිතා-නිලක්ෂි සබඳතාවය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවයි
හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා එක්ව ගොඩනගනලද ශතක සබඳතාව හේතුවෙන් ශ්‍රී ලංකාව 2023 ICC කාන්තා T20 ලෝක කුසලානයේදී පිටපිට ලබාගත් දෙවන ජයග්‍රාහනයත් සටහන් කිරීමට සමත්වුණා. ඒ බංග්ලාදේශයට එරෙහිව කඩුලු 7 ක ජයග්‍රහණයක් ලබාගනිමින්.
ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ලකුණු 26කට කඩුලු 3ක් දැවීගියත් හර්ෂිතා නොදැවී ලකුණු 69ක් ලබා ගැනීමින් සහ අනෙක් අන්තයේ දී නිලක්ෂි නොදැවී ලකුණු 41ක් ලබා ගැනීමත් සමඟින් දින තුනක් ඇතුළත ලබාගත් දෙවන ජයග්‍රහණයත් ලබා ගැනීමට කණ්ඩායමට හැකියාව ලැබුණා. පලමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශයට ඕෂදී රණසිංහ ලකුණු 23කට කඩුලු 3ක් දවා ගැනීමත් සමග රැස්කර ගැනීමට හැකිවුණේ කඩුලු 8කට ලකුණු 126ක් පමණයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

