Latestදේශීය

අමාත්‍යංශ ගණනාවක් දැඩි අර්බුධයක

රාජ්‍ය ආයතනවලට අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පමණක් මුදල් වැය කරන අලෙස දන්වා මහා භාණ්ඩාගාරය ඉකුත්දා නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන්, අමාත්‍යාංශවල එදිනෙදා කටයුතු පවා පවත්වාගෙන යාමට නොහැකිව බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

අමාත්‍යාංශ ගණනාවකම ඉහළ නිලධාරීන් සඳහන් කළේ රජයේ ආයතනවල එදිනෙදා නඩත්තු කටයුතු පවා මේ හේතුවෙන් කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවය.

දකුණු පලාතේ එක්තරා මැතිවරණ කාර්යාලයක ඡායාපිටපත් යන්ත්‍රය කැඩීගොස් ඇතත් මුදල් නොමැති නිසා එය අලුත්වැඩියා කර ගැනීමට නොහැකිව පසෙකට දමා ඇතැයිද ප්‍රධානියෙක් සඳහන් කළේය.

රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍යම සේවා පවත්වාගෙන යාමට පමණක් මුදල් නිදහස් කිරිමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන රජයේ ආයතනවල වියදම් දැඩි ලෙස සීමා කරමින් ඉකුත් දෙවැනිදා සියලු අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතුළු ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළේය.

ඔහු එමගින් දැනුම් දී තිබුණේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාදක වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය ආදිය සඳහා පමණක් මුදල් නිදහස් කිරීමට තීරණය කර ඇති බවය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහද කැබිනට් මණ්ඩලයට ඉකුත්දා දැනුම්දී තිබුණේ ජනවාරි මාසයේ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 15,870ක් බවත් එහෙත් වියදම රුපියල් කෝටි 36,780ක් වන බවත්ය.

ලංකාදීප – අජන්ත කුමාර අගලකඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *