Latestදේශීය

ලෝක මෙතෝදිස්ත කවුන්සිලයේ සාම ත්‍යාගය මෙවර ශ්‍රී ලංකාවට

ලෝකයේ රට රටවල සාමය, යුක්තිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් නිර්භයව අනුකූලතාවයෙන් හා නිර්මාණශීලීභාවයෙන් කටයුතු කළ ගෞරවනීය පුද්ගලයන් වෙනුවෙන් ලෝක මෙතෝදිස්ත කවුන්සලය පිරිනමන ලෝක මෙතෝදිස්ත සාම ත්‍යාගය මෙවර (2022) හිමිවී ඇත්තේ ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ එබනේසර් ජෝශප් පියතුමාටය.

මෙම සම්මාන ප්‍රදානය ආරම්භ වූයේ 1977 දීය. එතැන් සිට මේ දක්වා මෙම සාම ත්‍යාගය 38 වතාවක් ලෝකයේ සාමය හා සංහිඳියාව වෙනුවෙන් කැපවූ පුද්ගලයන්ට පිරිනමා ඇත. එහිදී ඇමරිකාව, ඊජිප්තුව, එංගලන්තය, සිම්බාබ්වේ, කොරියාව, අයර්ලන්තය, ජර්මනිය, ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව, ඝානාව, ආර්ජන්ටිනාව, සියරාලියොන්, බ්‍රසීලය, ඔස්ටේ්‍රලියාව, නයිජීරියාව, කෙන්යාව, බොලීවියාව ආදී රටවල ජාතික ආගමික හා වාර්ගික සංහිඳියාව හා අන්‍යොන්‍ය සාමය වෙනුවෙන් කැපවූ පුද්ගලයන්ට මෙන්ම නෙල්සන් මැන්ඩෙලා, ජිමි කාටර්, මිකායිල් ගොර්බොවොච්, කොෆි අනන් වැනි මහා පුරුෂයන්ට ද මෙම මෙතෝදිස්ත සාම ත්‍යාගය පිරිනමා ඇත. එබනේසර් ජෝශප් පියතුමා ආසියානු කලාපයේ එම ත්‍යාගයෙන් පිදුම් ලද ප්‍රථමයා වේ.

නුවරඑළිය කඳපොළ උපන් එබනේසර් ජෝශප් පියතුමා කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. තමිල්නාඩුවේ දේවධර්ම ශාස්ත්‍රාලයේ (Theological) දී සිය උසස් අධ්‍යාපනය ආරම්භ කර විශ්වවිද්‍යාල කිහිපයකින්ම උපාධි ලබා ඇත. 1980 මෙතෝදිස්ත දේවගැතිවරයකු වශයෙන් පූජක දිවිය ඇරඹූ හෙතෙම සිය කටයුතු ආරම්භ කළේ කොළඹ වේල්ල වීදියේ පිහිටි (City mission) දේවස්ථානයෙනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *