Latestදේශීය

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහි පෙත්සම විභාගයට තවමත් අවසර නැහැ

 විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ,විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද ? නැද්ද? යන තීරණය ලබන 17වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත.

එම පෙත්සම අද (13) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම තීරණය ගෙන  තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනා, විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් එහි පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් අධිකරණයට ඉදිරිපත් ඇත.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසරදීම පිළිඹද තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *