Latestවිදේශීය

දකුණු අප්‍රිකාවේ රිය අනතුරකින් 20 ක් ජීවිතක්ෂයට

මුදල් ප්‍රවාහනය කරමින් තිබූ තිබූ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් තවත් 61 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ පලාතේ මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අනතුරින් බස් රථය පාලමකින් පහළ ගඟකට පෙරළී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙහිදී බොහෝ දෙනා බස් රථය තුළ සිරවීම නිසා මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන අතර අනතුරට හේතුව මේ වනවිට විමර්ශනය කරමින් පවතිනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *