Latestදේශීය

ජපානයෙන් ඩො.මි 38ක පරිත්‍යාගයක්

අත්‍යවශ්‍ය සේවා , ප්‍රවාහන පහසුකම් හා හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් ජපානයෙන් ඩොලර් මිලියන 38ක  මුදලක් ප්‍රදානයක් ලෙස  ලබාදීමට නියමිතව ඇත.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ , අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉන්ධන ලබාගැනීම පිණිස  මෙම ප්‍රධානය ලැබුණූ බවයි.( ප්‍රධාන වශයෙන් ඩීසල් සැපයීම් සඳහා )


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *