Latestදේශීය

සේපාල අමරසිංහ යලි රක්ෂිත බන්ධනාගාරයට

දළදා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කලේ යැයි සිද්ධියට අදාල පැමිණිල්ල අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මහතා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

එහිදී ඔහු සදහන් කලේ සිය සේවාදායකයා දැනටමත් කණගාටුව පළ කරමින් නීතිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර ඇති බවයි.

එසේම තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා නායක ස්වාමීන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් සමාව අයැද සිටින බවත් කිසිදු ආගමික හෝ වාර්ගික කොටසකගේ හැගීම් ඇවිස්සෙන ආකාරය කිසිදු ප්‍රකාශයක් මින්මතුවට සිදු නොකරන බවට ඔහු එකග වන බවත් එම නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ලබන 21 වනදා කැඳවීමට නියම කරනු ලැබුවා.

එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කලා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *