Latestදේශීය

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළට – දින්නොත් බෝනස්

2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙසින් සුදු පන්දුවෙන් කෙරෙන එක්දින සහ විස්සයි-20 යන අංශයන්හි මෙතෙක් ක්‍රීඩිකාවන්ට ලබාදෙනු ලබන ඩොලර් 250 ක මුදල වෙනුවට, එය ඩොලර් 750 දක්වා වැඩි කර තිබෙනවා.

ජනවාරි මස 31 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමදී උක්ත තීරණය ගෙන ඇති අතර එහිදී ක්‍රීඩා කරන 11 දෙනාට අමතරව කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවන්ටද තරග ගාස්තුවෙන් 25% ක මුදලක් ලබා දීමට එකගතාව පලවී තිබෙනවා.

මීට අමතරව, ද්වීපාර්ශ්වික තරගාවලියක් හෝ ලෝක කුසලාන වැනි තරගාවලියක ,තරගයක් ජයග්‍රහණය කළ හොත් සෑම ක්‍රීඩිකාවකටම ඇමරිකනු ඩොලර් 250 බැගින් ප්‍රසාද දීමනාවක් පිරිනැමීමටද එකී රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

මෙම සියලු ගෙවීම් 2023 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට බලපැවැත්වෙනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *