හෙල්මට්වලින් සිදුකළ පහරදීමකින් එක්දරු පියෙකු ඝාතනයට
වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් ඊයේ (14) රාත්‍රියේ පුද්ගලයකු ඝාතනය වී තිබේ.
වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගත් බවද පොලීසිය සදහන් කරයි.
පුද්ගලයන් කිහිප දෙනෙක් එකතුවී හෙල්මට්වලින් කල පහරදීම් වලින් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැක පල කරයි.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා වැලිපැන්න පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

