ජනක රත්නායක රට – කොමිසමේ කාර්යාලය සීල්
කොටුව මහෙස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් මත ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලය මුද්රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබේ.
මෙලෙස අදාළ කාර්යාලයට මුද්රා තබා ඇත්තේ, කොල්ලුපිටිය ප්රදේශයේ පිරිසක් පැමිණ අදාළ කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට උත්සාහ කරන බවට කොල්ලුපිටිය පොලිසියට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අනුව කොල්ලුපිටිය පොලිසිය විසින් කොටුව මහෙස්ත්රාත් අධිකණයට කරුණු වාර්තා කර ලබාගත් අධිකරණ නියෝගයක් අනුවය.
ජනක රත්නායක මේ වනවිට විදේශගතව සිටින අතර ඔහු නැවත මෙරටට පැමිණීමෙන් පසු අදාළ කාර්යාලය විවෘත කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

