අද (16) සිට විදුලි කප්පාදුව සිදු නොවේ
අද (16) සිට විදුලි කප්පාදුව සිදු නොවන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කංචන විජේසේකර මහතා සදහන් කරයි. අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවත් ඒ මහතා සදහන් කරයි.
විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන් අමතර රු බිලියන 22ක ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

