ජනාධිපති ලේකම් කාර්යාලය වටලනවා
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව එළඹෙන සදුදා දින රට වටෙන්ම ජනතාව කොළඹට කැදවා ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටවන බව කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
මැතිවරණය කල් දැමීමට රජය ගෙනයන යටිකූට්ටු වැඩ පිළිවෙල පරාජයට පත් කරන බවද ඔහු පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන ක්‍රියාකාරීන් සියලු දෙනා එදින විරෝධතාවය සමග එක්වෙන බව ද හෙතෙම පවසයි.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මැතිවරණය කල් දමන්නේ පරාජය වන බව දන්නා නිසා බවත් ඔවුන්ට පරාජයෙන් ගැලවීමට උවමනා වී ඇති බවත් හෙතෙම කියා සිටී.
ඡන්දය පවත්වන තුරු ඉදිරියේ අඩිය පස්සට ගන්නේ නැති බව ද ඡන්දය පවත්වන්නේ නැති නම් හොඳින් හෝ නරකින් ප්‍රශ්නය විසදා ගැනීමට සූදානම් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

