Latestදේශීය

දේශබන්දුට එරෙහි පැමිණිල්ලට අතුරු නියෝගයක්

ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනු කොට ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් නිකුත් කර ඇති සිතාසිය අනුව කටයුතු කිරීම වළකාලමින් සහ මෙම පැමිල්ල විභාගයට ගැනීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අභියාචනාධිකරණය දින 14කට වලංගු අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති වරයා විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම පෙත්සම බන්දුල කරුණාරත්න, ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකර ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ නම් කරනු ලැබ සිටිති.

නිතිඥ සනත් විජේවර්ධන විසින් ගොනුකර ඇති පෙත්සමේ, “පසුගිය ජූලි 09 වන දින අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ බී වාර්තා දෙකක් ගොනුකරනු ලැබ ඇත. මෙම බී වාර්තා පදනම් කරගෙන කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් පෙත්සම්කරුට අහිතකර ප්‍රකාශ හා නියෝග නිකුත් කර ඇත. එම නියෝග අතර පෙත්සම්කරු මෙම සිද්ධියට සම්බන්ධ සාක්ෂිකරුවන්ට මැදිහත් වී ඇති බවට වැරදි නිගමනයක් ද පෙත්සම්කරුට ස්ථාන මාරුවක් ලබා නොදීම පිළිබඳ ව පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමක්ද සිදු කොට ඇත. මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධ නියෝග පසුගිය ජනවාරි 26 වන දින ප්‍රකාශයට පත් කර ඇත. එබැවින් මෙම නියෝගයන් සහ ප්‍රකාශ නීතියට පටහැනි වේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද පෙත්සම්කරුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති සිතාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ මහේස්ත්‍රාත්වරයාගේ නියෝග සහ ප්‍රකාශ බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද…” යනුවෙන් සඳහන් වේ.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *