Latestදේශීය

රජයට එරෙහිව පැෆරල් සංවිධානය අධිකරණයට

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කර ඇත්තේ සිවිල් සංවිධාන සමග ඒකාබද්ධව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එළැඹෙන මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බරපතළ අවිනිශ්චිතතාවයක් මතුව ඇති බවත්, මුදල් අමාත්‍යාංශය මේ දක්වා මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දී නොමැති බවත්, මේ හේතුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීම සඳහා සිවිල් සංවිධාන සමඟ එක්ව යම් මැදිහත් වීමක් සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *