Latestදේශීය

ඡන්දෙ තියන්න බැහැ

එළැඹෙන මාර්තු මස 09 වැනි දා පළාත් පාලන මැතිවරණය පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

මුදල් නොමැති වීම හේතුවෙන් එසේ මැතිවරණය පැවැත්වීම නො හැකි බව අධිකරණයට දැනුම් දෙනු බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.

මාර්තු මස 09 දා පළාත් පාලන මැතිවරණය ස්ථිර වශයෙන්ම පවත්වන බවට මැතිවරණ කොමිසන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ එසේ පොරොන්දු වු පරිදි මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොමැති බවත් අධිකරණ නියෝගයක් අනවශ්‍ය බවත්ය.

පවතින තත්ත්වය මත මැතිවරණය පැවැත්වීමට නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව අනුව එසේ නොපැවැත්වීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වන නිසා මෙම තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මෝසමක් ඉදිරිපත් කරන බවද සභාපතිවරයා පැවසීය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *