උතුරු කොරියාවෙන් එකට එක
උතුරු කොරියාව අන්තර් මහද්වීපයට බ්ලැස්ටික් මිසයිලයක් එල්ලකර තිබේ.
විනාඩි 67ක් පියාසර කළ එම මිසයිලය කිලෝමීටර් 900ක දුරින් පිහිටි ජපාන මුහුද වෙත පතිත වී ඇති බව වාර්තා වේ.
අමෙරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව සිදුකිරීමට සැලසුම් කර ඇති යුද අභ්‍යාසවලට ප්‍රතිචාරයක් වශයෙන් යුද්ධයක් සඳහා උතුරු කොරියාවේ සූදානම පෙන්නුම් කිරීමට එම මිසයිලය එල්ල කර ඇති බව වාර්තා වේ.
ඕනෑම සතුරු ක්‍රියාවකට ශක්තිමත්ව මුහුණදීමට තම රට සූදානම් බව උතුරු කොරියාව ප්‍රකාශ කර ඇත.
adaderana
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

