Latestදේශීය

ඡන්දයට සල්ලි නැත්නම් අපි සල්ලි ‌දෙන්නම් – විජිත හේරත්

“ඡන්දය නවත්වා ප්‍රජාතන්ත්‍රවාදය වැලැක්වීමේ ආණ්ඩුවේ බියගුලු උත්සාහය පරදවමු ” යන්න තේමා කරගනිමින් ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ (18)  සවස ගම්පහ දුම්රියස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. 

විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් දක්වමින් සදහන් කර සිටියේ , රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඉල්ලා සිටින මුද්‍රණාලයේ  ආරක්ෂාව පිනිස පොලිස් නිලධාරීන් ලබාදීම සිදු නොකරන්නේ නම් මාලිමාවේ 10 දෙනෙකු පැමිණ මුද්‍රණාලය ඉදිරිපිට උපවාසයක් ඇරඹිය හැකි බවත් එවිට පොලිස් නිලධාරීන් යෙදවීම හේතුවෙන් අවශ්‍ය ආරක්ෂාව මුද්‍රණාලයට ලැබෙනු ඇති බවය. 

හෙතෙම තව ද ප්‍රකාශ කර සිටියේ, පළාත් පාලන මැතිවරණ සදහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා දීමට මුදල් අමාත්‍යාංශයට නොහැකි නම් ජාතික ජන බලවේගය විසින් දේශීය හා විදේශීය හිතවතුන් සමග එක්ව අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබාදීමට සූදානම් බවත් ලෝකය පුරා ජනතාව රුපියල් කෝටි ගණනින් එවීමට සූදානමින් සිටින බවත්ය. 

මෙම අවස්ථාවට ජාතික ජනබල වේගය විධායක සභික මහින්ද ජයසිංහ , හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල යන මහත්වරුන්ද පළාත් පාලන මන්ත්‍රීවරුන්ද  එක්ව සිටියහ. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *