ජල ගාස්තුත් ඉහළ යන ලකුණු
ඉදිරියේ දී ජල ගාස්තු සංශෝධනය වීමේ හැකියාවක් පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
විදුලි ගාස්තු අධික ලෙස ඉහළ යාමත් සමග එම පියවර ගැනීමට සිදුවනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ජල නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු සඳහා දරණ පිරිවැයෙන් 35%ක් පමණ විදුලිය වෙනුවෙන් වැය වන බව සඳහන් වේ.
විදුලි ගාස්තු ඉහළ නැංවීම තුළ එම කටයුතු සඳහා අධික පිරිවැයක් දැරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සිදුව ඇති අතර මේ හේතුවෙන් ජල ගාස්තු ද ඉදිරියේ දී වැඩි කිරීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට පරිපාලනයමය වශයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.
මේ වන විට මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් ජල පාරිභෝගිකයින් සිටින අතර ඉන් 92%ක් ගෘහස්ත ජල පාරිභෝගිකයින් වන අතර 8% ක් ගෘහස්ත නොවන පාරිභෝගිකයින් වේ
adaderana
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

