Latestදේශීය

“මැතිවරණය එපා” පෙත්සම හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට

රට තුළ ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

එම පෙත්සම හෙට එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු ලැයිස්තුවේ සඳහන් කර තිබේ.

එම පෙත්සම ඉකුත් 10 වනදා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වැඩිදුර සලකා බැලීම ලබන 23දා දක්වා කල්තැබීමට  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබුණි.

එබැවින් අදාළ පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් කර්නල්වරයා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ගොනුකරනු ලැබීය.

එම පසුබිම යටතේ අදාළ පෙත්සම හෙට දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

adaderana


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *