Latestදේශීය

යල කන්නයට පොහොර සූදානම්

ලබන යල කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රුවන්වැල්ල ප්‍රදේශයේ (පෙබරවාරි18) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ, 2022/ 2023 මහ කන්නයේදී පොහොර මිලදී ගැනීමේදී ඉහළ ප්‍රමුඛතාවයක් දී කටයුතු කළ බවත, එහි ප්‍රතිඵලයක් ලෙස එම කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක පමණ ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

මේ සතියේ ප්‍රමුඛතම වියදම් කාර්ය ලෙස රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සිදුකරන බවත්, ඉන් පසු එළඹෙන සතියේදී මහ කන්නයේදී මිලදීගත් රසායනික පොහොර සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 350 ක් ගෙවීමට කටයුතු කරන බවත්, කාබනික පොහොර සඳහා ගෙවිය යුතු මුදලින් රුපියල් කෝටි 220 ක් පෙරේදා දිනය වන විට ගෙවා අවසන් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ලබන මාර්තු මුල් සතිය වන විට පොහොර සඳහා ගෙවිය යුතු සියළු මුදල් ගෙවා නිම කරන බවත්, ඒ අනුව යල කන්නය සඳහා අවශ්‍ය පොහාර ගෙන්වීමට අවශ්‍ය වාතාවරණය සකසා දී ඒ අනුව කිසිදු හිඟයකින් තොරව ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *