Latestදේශීය

රෝගීන්ගේ ජීවිත වලට සෞඛ්‍ය අමාත්‍යවරයා වග කිව යුතුයි – වෛද්‍ය ජයන්ත බන්ඩාර

අද වන විට රටේ නිදහස් සෞඛ්‍ය සේවාවක් නොමැති බවත් නිදහස් සෞඛ්‍ය සේවාව යනු මිත්‍යාවක් බවත් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බන්ඩාර මහතා පවසනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූළික අවශ්‍යතාවයන් සපුරාලීම සදහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික යන දෙඅංශයම අපොහොසත් බව ද ජයන්ත බන්ඩාර මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අත්‍යාවශ්‍ය නොවන සැත්කම් ලෙස හදුන්වාදී ඇති සැත්කම් මොනවා දැයි යන්න තමන් නොදන්නා බවත් ඒ සැත්කම් පිළිබදව කරුණු පැහැදිලි කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාම බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

අත්‍යවශ්‍ය නොවන සැත්කම් ලෙස හඳුන්වමින් සැත්කම් සීමා කිරීමෙන් මිය යන ජීවිත සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බව වෛද්‍ය ජයන්ත බන්ඩාර මහතා අවධාරණය කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *