Latestදේශීය

මහනුවර පූර්ණ සංවර්ධිත නගරයක් කිරීමට සැලසුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ,ඓතිහාසික මහනුවර නගරය විධිමත් ලෙස පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා පියවර ගැනෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය ක‍රන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත අතර එම කමිටුව නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත බවයි.

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙම කමිටුව සෑම මාස දෙකකටම වරක් රැස්වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිතව ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *