Latestදේශීය

ඡන්දය කල් යයිද

මාර්තු 09 වැනිදා සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

මෝසමක් මගින් කරුණු දක්වමින් මැතිවරණ කොමිසම ඒ බව දැනුම් දී තිබෙනවා.

මෙම මෝසම මගීන්, කොමිසන් සභාවට වළක්වාගත නොහැකි බාධා කිහිපයක් නිසා ලබන 09 වැනිදා එම මැතිවරණය පැවැත්වීමට අපහසුතා රැසක් මතුවී ඇතැයි පෙන්වා දී තිබේ. 

එම මැතිවරණය සදහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සපයා දීම අසීරු බව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ වනවිටත් කොමිෂන් සභාවට දන්වා ඇතැයි ද එහි සඳහන් ය.

මැතිවරණය සදහා අවශ්‍ය වාහන ඉන්ධන, ඇතුළු පහසුකම් ලබාදෙන ලෙසට වගකිව යුතු රාජ්‍ය ආයතනවලට තමන් දැනුවත් කර තිබුණත්, එම ඉල්ලීම් මේ දක්වා ඉටුකර නොමැති බව මැතිවරණ කොමිසම මෝසමින් පෙන්වා දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *