Latestදේශීය

නෝටර්න්බ්‍රිජ් – දියගල මාර්ගයේ බස්රථ අනතුරක්

ඊයේ (19)රාත්‍රී 9.30ට පමණ නෝටර්න්බ්‍රිජ් – දියගල මාර්ගයේ හැටන් හුලංවංගුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රීපාද වන්දනාවේ ගොස් යළි එමින් සිටි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් බවයි සඳහන් වන්නේ.

වන්දනාකරුවන් රැගත් බස් රථය නෝට්න්බ්‍රිජ්, හුලංවංගුව ප්‍රදේශයේදී අඩි 100 ක පමණ ප්‍රපාතයතට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් දෙදෙනෙකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා තරුණියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වී සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) උදැසන ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරින් විසින් සොයාගෙන ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 30 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඔවුන් මහරගම ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.

තුවාලකරුවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *