විපතට පත්වූවන්ට කඩිනමින් සහන සලසනවා: නවසීලන්ත අග්‍රාමාත්‍ය
පසුගියදා නවසීලන්තයේ ඇතිවුණු සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
එරට අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසන්නේ ගේබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ ගොඩනැගිලි සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇති බවයි.
මේ මොහොතේ විපතට පත් පුද්ගලයින්ට අවශ්‍ය ආහාර, නවාතැන්, විදුලිය සහ සන්නිවේදනය යන සේවා සැපයීම සිය රජයේ ප්‍රමුඛතම කාර්යය බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.
සන්නිවේදන ජාල බිඳ වැටීම හේතුවෙන් නවසීලන්ත වැසියන් දහස් ගණනකගේ තත්වය පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ..
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

