Latestදේශීය

අද අකුණු අවධානමක්

ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලීක තද සුළං තත්වයක්ද ඇතිවිය හැකි අතර එහිදී ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *