ජල බිල්පත් ගෙවීම වෙනස් වෙයි
ජල බිල්පත් ගෙවීම් සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය කටයුතු කර තිබේ.
ඒ ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ඊට අදාළ ගෙවීම් සිදු කිරීමේ නව ක්රමවේදයයි.
එම නව ක්‍රමවේදයට අනුව බිල්පත සමඟ ලබාදෙන රිසිට් පත ට බැංකු හර සහ බැර කාඩ්පත් වලින් අදාල අවස්ථාවේදීම ගෙවීම් කළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි පියල් පත්මනාථ මහතා පෙන්වා දෙනවා.
මෙහි නියමු ව්‍යාපෘතිය උතුර සහ උතුරුමැද පලාත් වලින් ආරම්භ කරන බව ද ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරනවා.
මෙම නව ක්‍රමවේදය මාර්තු පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

