ඇමතිවරුන්ට අලුත් වාහන 239ක් ගෙන්වලා, දැන් වරායේ – ඩිලාන් පෙරේරා
රාජ්‍ය ඇමතිවරුනට භාවිතා කිරීම සඳහා රජය විසින් වාහන 239 ක් ආනයනය කර ඇතැයි නිදහස් ජනතා සන්ධානය චෝදනා කරයි.
එම වාහන දැනටමත් වරායේ රදවා ඇති බවට තොරතුරු ඇතැයි ද ම සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
සාමාන්‍ය ජනතාවට විදුලිබිල වැඩිකර ඇමතිවරුන් සුර සැප විඳින බවද පවසන ඔහු ඇමතිවරුන්ට එම සැප විඳීම වෙනුවෙන් ජනතාව විදුලි බිල් ගෙවිය යුතු ඇතැයිද කියා සිටී.
මැතිවරණය පවත්වන මුදල් නැති වුවත් මෙවැනි නාස්තිකාර වියදම් කිරීමට ආණ්ඩුවට මුදල් ඇති බව ද ඔහු පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

