උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම ප්‍රමාදයි
උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් එම කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.
අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසූවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ උත්තර පත්තර ඇගයීම් ක්‍රියාවලිය කල් යාමෙන් එය ඉදිරි විභාග කටයුතුවලට බලපාන බවයි.
ඔහු සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා ද ඉදිරි සමස්ථ විභාග පද්ධතියටම ද බලපෑමක් ඇති කරන බවයි.
ඇගයීම් ක්‍රියාවලියට ලබා දෙන මුදල ප්‍රවාද ප්‍රමාණවත් නොවන නිසා ගුරුවරු මේ සඳහා අයදුම් කර නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නා
Please follow and like us: