කිසිඳු පක්ෂයකින් මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා නැහැ: ජනාධිපති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීම සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කළේ වාණිජ මණ්ඩලය පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
අද (21) කොළඹදී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් සංවිධානය කළ, මෙරට බදු ප්‍රතිපත්තිය පිළිබඳ සමුළුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා හෝ විකල්පයක් ඉදිරිපත් නොකළ බවද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

