“සිංහල අකුරු” සහ “දෙමළ අකුරු” ග්‍රන්ථ ජනපතිට
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ “සිංහල අකුරු” සහ “දෙමළ අකුරු” ග්‍රන්ථ ද්විත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (21) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.
පෙබරවාරි 21 වනදාට යෙදෙන ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය නිමිත්තෙන්, මෙම ග්‍රන්ථ පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කෙරිණි.
කතානායකවරයාට මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ද මෙම ග්‍රන්ථ ලබාදීමට කටයුතු සලස්වා ඇත.
රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

