ජාතික ජනබලවේගයේ නිල ෆොනුරුව සහ වෙබ් අඩවිය එළි දක්වයි.
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් විසින් නිල ෆොනුරුවක් එලිදැක්වීම සනිටුහන් කරමින් ජාතික ජන බලවේගය “මාලිමාව ලයිට්” – “මාලිමාව රෙගියුලර්” යන ෆොනුරු එලිදැක්වීම සහ නිල වෙබ් අඩවිය(යාවත්කාලීන කල) එලිදැක්වීම ඊයේ (21) කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විය.
මෙහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔවුන්ටම අනන්‍ය වූ ෆොනුරු නිර්මානය කර ගැනීම තුල දේශපාලන පක්ෂයක් වශයෙන් නිකුත් කරණු ලබන නිවේදන සහ අනෙකුත් ප්‍රකාශන පිළිබඳ මහජන විශ්වාසය ගොඩනගා ගැනිම සහ පක්ෂයේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
මෙම සමගම යාවත්කාලීන කල NPP.lk නිල වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙකුට භාශා ත්‍රිත්වයෙන්ම ජාතික ජනබලවේගය සහ එහි සාමාජික පක්ෂ සම්බන්දයෙන් නිල තොරතුරු සහ පක්ෂ ප්‍රතිපත්ති ලබාගත හැකිවේ.
මෙම අවස්තාව ජාතික ජන බලවේගයේ ජාතික විායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික ජනබලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ, කොළඹ පුරපති අපේක්ෂිකා ව්රායි කැලී බල්තසාර් ඇතුලු පිරිසකගේ සහබාගීත්වයෙන් පැවැත්විනි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

