Latestදේශීය

බලපිටිය රෝහලේ ගින්නෙන් ඖෂධ රැසක් විනාශයි

බලපිටිය මූලික රෝහලේ ඊයේ (21) සවස 5.45ට පමණ ඖෂධ ගබඩා කර ඇති ගොඩනැගිල්ලේ දුමාරයක් ඇති වුණා.  ඒ සමග රෝහල් කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දී ගින්න පාලනය කිරීමට කටයුතු කළා.

අම්බලන්ගොඩ පොලීසිය පවසන්නේ .
පසුව ගාල්ල ගිනි නිවන ඒකකය කැඳවා ගින්න නිවා දැමීමට කටයුතු කිරීමෙන් ඖෂධ රැසක් බේරා ගැනීමට හැකිවූ බවයි.

බලපිටිය මූලික රෝහලේ ඖෂධ ගබඩාවේ ඇතිවු ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි සඳහන් වන්නේ.

ගින්නෙන් ශීතකරණයේ තිබූ ඖෂධවලට හානි සිදුව ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර ගින්නෙන් ඖෂධවලට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නැහැ.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *