බාධා නොකර මැතිවරණය පවත්වන්න – අගරදගුරු හිමි
ප්‍රකාශයට පත් කර තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාදා නොකර ඊට අවශ්‍ය සපයාදී කටයුතු කරන්නැයි, ජනාධිපති ප්‍රමුඛ රජයෙන් සහ අදාළ රාජ්‍ය ආයතනයන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමියන් ප්‍රකාශ කරයි
කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අගරදගුරුමැදුරේ දී ඊයේ (21) මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම නිවේදනය මාධ්‍ය වෙත ඉදිරිපත් කලේය.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් එයට මුහුණදීමට හා ඒ ප්‍රතිඵල අනුව වෙනස්වීමට ඔවුන් නිහතමානී විය යුතු බවයි, එමෙන්ම තමන් පරාජයට බිය බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගතවීම වළකාගැනීමට තරම් බුද්ධියක් අප රටේ නායකයන් සතුව ඇතැයි තමන් සිතන බව ද අගරදගුරුතුමන් විශේෂ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

