Latestදේශීය

විදේශ රටක ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කළුතර දකුණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්, උණ්ඩ ගැබක් සහ මිලිමිටර් 09 වර්ගයේ උණ්ඩ 09ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති බවයි.

30 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන  මෙම සැකකරු නවාතැන් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී මදන මෝදක ගුලි 187ක් ද සොයා ගෙන තිබේ.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *