ආපදාවට ලක්ව සිටි පොලිස් කන්ඩායම මුදාගැනේ
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයයෙන් කුඹුක්කන් ඔය පිටාර ගැලීම හේතුවෙන් දෙමෝදර රක්ෂිතයේ සිරවීසිටි පොලිස් කණ්ඩායමක් ආරක්ෂිතව මුදා ගෙන ඇත.
විශේෂ රාජකාරි මෙහෙයුමක් සදහා පසුගියදා (21)දෙමෝදර ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් කුඹුක්කන් ඔය පිටාර ගැලීමෙන්දෙමෝදර රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ පිවිසුම් මාර්ග යටවීම නිසා එම රක්ෂිත ප්‍රදේශයට ඇතුල් වීමට හෝ රක්ෂිතයෙන් පිටතට පැමිණීමට නොහැකි වී තිබේ.
එබැවින් රාජකාරි සඳහා රක්ෂිතයට ගොස් ක්ෂණික ගංවතුර හේතුවෙන් සිරවී සිටි පොලිස් නිලධාරීන් 08 දෙනෙකු සහ සැකකරුවන් 05 දෙනෙකු මුදාගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී බෝට්ටු බලඝණයට ( RABS) හැකි වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

