ඉන්දියාවෙන් ණය – ඩිපෝවට බස්
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත බස් රථ ලබාදී තිබෙනවා .
ඒ අනුව බස් රථ 500 ක් ලබාදීමට නියමිතයි.
ඊයේ (21) බස්රථ 40 ක් ඩිපෝ වෙත භාරදීම සිදු කර තිබෙනවා.
මේ වන විට බස් රථ 165ක් අදියර 3ක් යටතේ මෙරට පොදු ප්‍රවාහනය උදෙසා එක්කර තිබෙනවා.
ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් ආවරණ වන පරිදි දුෂ්කර මාර්ගවල මගී ප්‍රවාහන කටයුතු ශක්තිමත් කිරීම උදෙසායි මෙම බස් රථ ලබා දී අත්තේ.
අදාල ණය වාරික ගෙවීමට හැකිවන ආකාරයේ ආදායම් ඉපැයිය හැකි මාර්ගවල ධාවනයට යෙදවීමට අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හරහා ඩිපෝ වෙත උපදෙස් ලබා දෙන බවද මෙම වැඩපිළිවෙළ පිලිබද අදහස් එක් කරමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

