මඩ පොහොර නොමිලේ
යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර ( ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) )සියලුම ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබේ.
මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව ලබන මාසයේ කොළඹ වරායට ළඟාවීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්මසංවිධානයේ මුල්‍යාධාර යටතේ මෙම මඩ පොහොර ශ්‍රී ලංකාවේ ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දඅමරවීර මහතා සඳහන් කළේය.
මහනුවර ගන්නොරුව කෘෂිකර්ම සන්නිවේදන හා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම මඩපොහොර තොගය ඊජිප්තුවේ සිට මෙරටට ලැබීමට නියමිත අතර ඒවා මෙරටට ලැබුනු විගසම යල කන්නයේ වී වගාව ආරම්භ වීමට ප්‍රථම දිවයිනපුරා බෙදා හැරීමට නියමිතය.
නමුත් දිස්ත්‍රික්ක කිහිපයක පෙබරවාරි මස අවසන් වනවිට වී වගාව ආරම්භ කරන බැවින් දැනට පුද්ගලික අංශය සතුව තිබෙන මඩ පොහොර මෙට්‍රික් ටොන් 3500ක් වන ප්‍රමාණය රජයේ මුදල් වැය කර මිල දී ගෙන ගොවීන්ට නොමිලයේ බෙදා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
@Media Unit
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

