ණය ගන්න නම් චීනයේ මුල්‍ය සහතිකය අනිවාර්යයි-IMF
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදල් ලබා ගැනීම සඳහා මුල්‍ය කමිටු අනුමැතිය ලබා ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් චීනය ඇතුළු ද්විපාර්ශික ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබාගැනීම බව එම අරමුදලේ ආසියා පැසිපික් කලාපය ප්‍රධානි ක‍්‍රිෂ්ණා ශ‍්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කරයි.
චීනයේ මුල්‍ය සහතිකයක් නොමැතිව වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය මුදල ලබා දීම සහ සලකා බලමින් පවතින බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන ඔහු චීනයේ සහතිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීම ඉතාම වැදගත් බවද කියා සිටී.
ශ්‍රී ලංකාවට එම ණය මුදල ලබා දීමට අවශ්‍ය මූල්‍ය සහතික ණය හිමියන්ගෙන් කඩිනමින් ලබා ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

