මෛත්‍රීට එරෙහිව තවත් වාරණ නියෝග දෙකක්
ජා ඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් වන හසිත් චමීර පරණවිතාන සහ චාමිකා හර්ෂනී සිල්වා යන දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් දෙදෙනෙකු පත් කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අද (23) දිනයේ වාරණ නියෝග දෙකක් ලබාදුන්නේය.
කිසිදු විනය ක්‍රියාමාර්ගයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අයුක්ති සහගත ආකාරයට තමන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමට කටයුතු කොට ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු පත් කිරීමට සූදානම් වන බවටත් කොළඹ දිසා දිසාඅධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද දිනයේ දී සලකා බැලීමෙන් පසු එම වාරණ නියෝගය නිකුත් කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ, කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් මාර්තු 9 දින දක්වා එම වාරණ නියෝගය නිකුත් කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

