Latestදේශීයමතවාද

රාජිනී තිරාණගම

රාජනී තිරාණගම ජීවත්ව සිටියා නම් ඇයගේ 69 වැනි ජන්ම දින අනුස්මරණය අදයි(23/02/1954).

යුක්තිය,සාධාරණත්වය,කතා කිරීමේ නිදහස මෙන්ම ජීවත්වීමේ අයිතිය උදෙසා රාජනී විසින් පෙන්වූ ධෛර්ය සහ දැඩි අධිෂ්නටානය අත්තනෝමතික ෆැසිස්ට් වාදී සන්නද්ධ කල්ලිවලට දැඩි අභියෝගයක් විය.මෙනිසාම ඔව්හු ඇයගේ ජීවිතය අකාලයේ ප්‍රචණ්ඩ ලෙස අවසාන කළහ.

දේශපාලන කටයුතු ඉදිරියට ගෙනයාමේ දී මෙන්ම ඒ සඳහා සිය දේශපාලන සහ පෞද්ගලික ජීවිතය හැඩගැස්වනු ලැබීම සඳහා රාජනී නිර්මාණය කරමින් සිටි ආකෘතිය ද ඒ සමගම අවසාන විය.රාජනී මෙය නොදැන සිටිය නොවේ.

ඇය වපුරන ලද බීජනයන් නැවතත් මහා වෘක්ෂයන් සේ වැඩෙනු ඇත.එදිනට ඇය නැවත ඉපදෙනු ඇත.

එදිනට නැවත ඉපදීමේ ප්‍රීතිය අපි ඇය සමග බෙදා හදා ගන්නෙමු!

(දයාපාල තිරාණගම) 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *