දමිතාව නොපෙනුනේ ඇයි?
දමිතා අබේරත්න තුළ කුමන හෝ දේශපාලන ගුණ දහමක් ඇතැයි සිතා ඇය පැසසූ අවස්ථා ගැන මම අතිශයින් කනගාටු වෙමි. ගෝල්ෆේස් ‘අරගල’ සමය තුළ ඇය විවිධ පාර්ශවයන්ගේ චෝදනාවන්ට හා පරිභවයන්ට ලක් වූ අවස්ථා වලදී ඇය ආරක්ෂා කිරීම වෙනුවෙන් ‘යකඩ ගැහැණියක්’ වැනි හැදින්වීම් දක්වා පවා මා දුර ගිය බව මතකය.පසුව සමගි ජන බලවේගය සමග ඇය සෘජුවම සම්බන්ධ වූ අවස්ථාවේදී,අරගලයේ සිටි අනෙකුත් අයගේ දේශපාලන තෝරාගැනීම් හා තරගයන් සම්බන්ධයෙන් සුවිශේෂීව එල්ල නොවන විවේචනයක් ඇයව පමණක් ඉලක්ක කර මතු කිරීමේ තේරුමක් නැති බව ප්‍රකාශ කර සිටියෙමි. ක්‍රමයෙන් ඇයගේ දේශපාලන පෙනී සිටීම් ඇය පෙනී සිටි ‘අරගලයේ’ ප්‍රතිමාන සමග පරස්පර-චපල මුහුණුවරක් ගන්නා බව නිරීක්ෂණය වෙද්දී මදක් නිහඩව බලා සිටියෙමි.
එහෙත් දමිතා මේ මොහොත වන විට 80 දශකයේ තරුණ සංහාරය හා ප්‍රේමදාස ආණ්ඩුවේ මිනීමරු මර්දනය සුජාත කරමින් සජිත් ප්‍රේමදාසගේ වේදිකා මත මොරදෙන දර්ශනයන් දකින විට මා තුළ අකුණක් සේ නැගුණු අප්‍රසන්නතාවය හා අපුල විසින් කුමක් හෝ නිද්‍රාවකින් මා අවදි කළා සේ විය. “මේ ගැහැණියගේ ‘කපටි-අවස්ථාවාදය ‘ එදා මට (අපට) නොපෙනී ගියේ මන්ද ?” මේ මොහොතේ මට මා තුළින් නැගෙන භාවාතිශය ස්වයං පරික්ෂාවේ හඩ එවැන්නකි.
හැගීම් සහ අන්ධ වීම් යනු බරපතළ දේශපාලන කලාපයකි.අපගේ ‘රෝග ලක්ෂණය’ අප හිතනවාට වඩා දේශපාලනිකය !
විදර්ශන කන්නන්ගර
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

