මාධ්‍ය අධිකාරී පණත් කෙටුම්පතක්
මාධ්‍ය පිළිබඳව යම්කිසි ප්‍රමිතියක් ඇති කළ යුතු බවත් ඉදිරියේදි මාධ්‍ය අධිකාරි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) ප්‍රකාශ කළේය.
රාජ්‍ය අමාත්‍යවරුන්ට සැප වාහන 239ක් ගෙනැවිත් ඇති බවට සිදු කරන චෝදනාව පිළිබඳ අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මකවන බවය.
එක්දහස් නවසිය අසූ ගණන්වලත් මෙහෙම වෙනවා දැක්කා. අපි මේ වගේ ව්‍යාජ ප්‍රවෘත්ති ගැන සාකච්චා කිරීමට මාධ්‍ය ප්‍රධානීන් හමුවීම වැදගත් කියලා අපි හිතනවා. අපි දියුණු මාධ්‍ය සදාචාරයක් හදන තෙක් කතානායකතුමා මේ ගැන මැදිහත්වී කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා.
ඡන්දය දැම්මොත් මරණය කියන සටන් පාඨ අපි එදා ඇහුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමට හානිවන ප්‍රවෘත්ති ඵලකිරීම හොඳ නෑ. මේ සම්බන්ධයෙන් කතානායකතුමා පුවත්පත් කර්තෘවරුන් සමඟ සාකච්ඡාවක් කරන්න. විද්‍යුත් ආයතන පනත් කෙටුම්පතක් සම්මත කරගන්න කැබිනට් අනුකාරක සභාවක් පත් කළා යැයි පැවසීය.
@Media Unit
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

